IOC තෙල් මිල වැඩි කළත් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් නැහැ – තෙල් සංස්ථාව

0
272

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හෙවත් ලංකා IOC  සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද තමන් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. 

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 184 කි. 

එම සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03 කින් ඉහල දමා ඇති අතර නව මිල රුපියල් 213 ක් වනවා. ලංකා IOC  සමාගම ඩීසල් ලීටරයක මිල ද ඉහළ දමා ඇත්තේ රුපියල් 03 කින්. ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124 ක් වෙි.

මෙි අතර බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කළේද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩි නොකරන බවයි.

මෙලෙස ඉන්දීය ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉන්ධන පාරිභෝගිකයන් වැඩි වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධනහල් වෙත ඒම තුළ තෙල් සංස්ථාවට තව තවත් පාඩු විඳීමට සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here