IOC යට මිලියන 268 කට මෙහෙයුම් ලාභයක්

0
359

මේ වසරේ දෙවන කාර්තුවේදී ලංකා අයි.ඕ.සී. සමාගම රුපියල් මිලියන 268ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ, පසුගිය වසරේ ලැබූ රුපියල් මිලියන 146ක පාඩුව අභිබවමින්. සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 313ක් වන අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 281.5ක්.

කොරෝනා වසංගතය සහ ලෝක වෙළදපළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතිද්දී මෙලෙස ලාභ වාර්තා කිරීම කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි ලංකා අයි.ඕ.සී කලමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සදහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here