IOC රට පුරා තෙල් බෙදීම කරද්දී පළමු ගෑස් නැව දිවයිනට ලඟාවේ…

0
487

ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද (10) නැවත ආරම්භ කළ බව එම සමාගම පවසයි. 

එම සමාගමේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් පවසයි. සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම සිදුකරනු ඇති බව සඳහන්.

ගෑස් අර්බුදයට තිත තබමින් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟාවී තිබෙනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) වනදා සවස පැමිණීමට නියමිතයි.

පළමු නෞකාව අද පස්වරු 3ට කෙරවලපිටියට පැමිණීමෙන් පසුගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් සහිත තෙවන නෞකාව ජුලි (15) මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000කි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here