IOC සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

0
261

ඉන්දියානු ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් සපයා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශය IOC සමාගම සමග කළ සාකච්ඡාවකට අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් සැපයීමට ඉන්දියානු තෙල් සමාගම එකඟතාව පළ කර තිබෙනවා.

එම සමාගමෙන් ඩීසල් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් බැගින් මිලට ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මේවනවිටත් සාකච්ඡා කර ඇති අතර ඩීසල් තොගය ලබාදීමට ඉන්දියාන් තෙල් සමාගම කැමැත්ත පළ කර තිබුණා.

මේ අතර දින 180ක ණය පදනම යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා බොරතෙල් බැරල් 450,000ක තොගයක් සයිප්‍රසයේ, ටෙරා නෙවිස් ගෘප් සමාගමෙන් ගැනීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here