Friday, October 18, 2024

IPHONE X ලීක් වෙයි සමාගමේ ඉංජිනේරුවකුට රැකියාව අහිමි වෙයි

YouTube හි පලවූ එක වීඩියෝවක් නිසා එහි සේවය කර ඉංජිනේරුවරයෙකු සේවයෙන් පහ කර තියෙනවා. මෙයට හේතුව වී ඇත්තේ, සිද්ධියට අදාල ඉංජිනේරුවරයාගේ දියණිය විසින් තම පියාගේ iPhone X එක ගැන hands on වීඩියෝවක් සාදා එය යූටියුබ්හි පළ කිරීමයි. ඉහත කී ඉංජිනේරුවරයාගේ සම්පූර්ණ නම මේ වනතුරුත් හෙලි නොවී ඇති නමුත් අදාල වීඩියෝවේ හිමිකාරිය වන ඔහුගේ දුවගේ නම Brooke Peterson නම් වේ. Apple සමාගම විසින් මෙම වීඩියෝව ඉවත් කරගන්නා ලෙස ඇයගෙන් ඉල්ලා සිටි විගස ඇය ඒ ගැන සලකා බලා එම වීඩියෝව ඉවත් කරගෙන ඇත. නමුත්, ඒවන විටත් ඇයගේ එම වීඩියෝව ලොව පුරා Viral එකක් වී තිබුනි.

මෙම සිද්ධිය පිළිබඳ සලකා බැලීමේදී, මෙය iPhone X එකක තවත් ලීක් එකක් නොවෙයි. මෙය සමාගමේ සේවකයෙකුට ලබා දුන් එකකි. මෙම වීඩියෝව හොඳින් නැරඹූවෙකුට එහි ඇති special QR codes දැක බලා ගත හැකි අතර Brooke විසින් එක් ස්ථානයකදී Notes ඇප් එක open කරන අතර, ඒ තුල අනාගතයේ Apple සමාගම විසින් සිදු කිරීමට නියමිත ප්‍රොජෙක්ට්ස් කිහිපයක code namesද ඇතුලත්ව ඇත. මෙම වගකීමක් නොමැති ක්‍රියාව නිසා Apple සමාගම Brookගේ පියාව සේවයෙන් පහ කර ඇත. එම අදාල වීඩියෝව ඔබට මෙම ලිපිය අවසානයේ නැරඹිය හැක.

මෙම සිද්ධියට පසුව Brook විසින් වීඩියෝවක් නිකුත් කර ඇති අතර එහි වීඩියෝවද මෙම ලිපිය අවසානයේදී ඔබට නැරඹීමට හැකිය. එම වීඩියෝවේදී, ඇය තමන් විසින් ඉහත කී වීඩියෝව Apple cafeteria තුලදී සිදු කර YouTube තුල අප්ලෝඩ් කරන විට ඇයට කිසිඳු කෙනෙක් නොසිට ඇත. ඇය වීඩියෝව තුල හඬමින් ප්‍රකාශ කර සිටියේ ඇය YouTube ideos සාදන්නේ විනෝදයට ව බවත්, මෙම වීඩියෝව නිර්මාණය කිරීමෙන් ඇයට කිසිඳු නීතිය උල්ලංඝනය කිරීමේ අදහසක් නොතිබුන බවත්ය. එමෙන්ම තවදුරටත් ඇය ප්‍රකාශ කර සිටියේ තම පියා විසින් මෙම සිද්ධියේ සියලු වගකීම භාරගත් බවයි.

https://youtu.be/RBeD8E2xxck

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles