Thursday, January 9, 2025

ඉරාන හමුදාවට ඉන්දීය හමුදාවේ පිහිට

ඉරාන නෞකාවක් වන මාකරන් හිදී හෘදයාබාධයකට ලක් වූ ඉරාන නාවික හමුදා නිලධාරියෙකු ඉන්දීය නාවික හමුදාවේ හෙලිකොප්ටරයකින් ඉවත් කර ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.

ඉන්දීය නාවික හමුදාවේ සකිරා නෞකාව තිබූ නාවික හෙලිකොප්ටරය යොදාගෙන මෙම වෛද්‍ය ප්‍රතිකාර මෙහෙයුම දියත් කරන ලද්දේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ඉල්ලීමකින් පසුව බව වාර්තා වේ.

රෝගියා නෞකාවේ සිටි තවත් දෙදෙනෙකු සමඟ ගුවන් මගින් රැගෙන ගොස් අස්විනි හි නාවික හමුදා රෝහලට යොමු කර ඇති බව පැවසේ.

ඉරානය සමඟ ඉන්දියාවේ පවතින සබඳතා දැඩි සහ සමීප වන අතර ඉරානය ඉන්දියාවේ වැදගත් හවුල්කරුවෙකු සහ සමීප අසල්වැසියෙකු ලෙස සැළකේ.

දෙරට අතර 2021-22 කාලය තුළ ද්විපාර්ශ්වික සබදතාවල තීව්‍රවීමක් සිදු වී ඇති බවයි වාර්තාවන්නේ.බව ද දේශපාලන විචරකයන්ගේ අදහස වී තිබේ.

ආරක්‍ෂාව හැරුණු විට, ඉන්දියා-ඉරාන වාණිජ සබඳතා සම්ප්‍රදායිකව ඉරාන බොරතෙල් ආනයනය මත රදා පවතී.

වර්ෂ 2018-19 දී ඉන්දියාව ඉරානයෙන් ඩොලර් බිලියන 12.11 ක් වටිනා බොරතෙල් ආනයනය කර ඇති බව ද වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles