ඉන්දියාවේ ප්‍රහාරය පිටුපස හකානි ජාලය සිටින බවට සැක

0
627

අප්‍රේල් 22 දා ඉන්දියාවේ ජම්මුහිදී පෂ්තුන් භාෂාව කතා කරන විදේශීය ත්‍රස්තවාදීන් දෙදෙනෙකුට මරු කැදවමින් එල්ල වූ ප්‍රහාරය හකානි ජාලයේ සහාය ඇතිව අයිඑස්අයිඑස් සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට බුද්ධි අංශ සැක පළ කර තිබේ.

හකානි ජාලය බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සහ වයඹදිග පකිස්ථානයේ වන අතර, අයිඑස්අයිඑස් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යයි.

ගැටුමේදී මියගිය දෙදෙනාම පෂ්තුන් කතා කළ බව සුන්ජුවන් ගැටුමෙන් පසු අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ සගයකු වන ෂෆීක් අහමඩ් පොලිසියට පවසා තිබේ.

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය ස්ථාපිත කිරීමෙන් පසු, නිම්නයේ දේශීය බඳවා ගැනීම් අඩු කිරීම හේතුවෙන් අයිඑස්අයි විසින් විදේශිය ත්‍රස්තවාදීන් එහි එවන බවට සැක මතුවීම හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් පුලුල් කර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here