Friday, January 10, 2025

ISIS සංවිධානයට අයත් Interschool WhatsApp සමූහය පිළිබඳ පණිවිඩයේ ඇත්ත නැත්ත

Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙලෙස හුවමාරු වන Whatsapp පණිවුඩය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සදහන් කොට ඇත්තේ මෙම ලිපිය යොමු කිරීමේ අරමුණ වූයේ මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත දැනුම් දී අදාළ පණිවුඩය සම්බන්ධයෙන් සොයා බැලීමට බවයි.

කෙසේ නමුත් ISIS සංවිධානයට අයත් බව හඟවමින් Interschool නම් වට්ස්ඇප් සමූහයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය බුද්ධි සේවය ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිය හා සාමය අමාත්‍යාංශ දැනුවත් කර තිබේ.එමෙන්ම බස්නාහිර පළාත භාර‍ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියලුම ඉහළ පොලිස් නිලධාරීන් මේ ගැන දැනුවත් කර තිබෙි.මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව බස්නාහිර පළාත් බුද්ධි ඒකකයද දන්වා තිබේ.

ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානයට සම්බන්ධ ‘Interschool’ නමින් පවත්වාගෙන යන මෙම වට්ස්ඇප් සමූහය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන බවටත් මෙම සමූහයට යම් පුද්ගලයෙකුට ආරාධනා කිරීමෙන් පසු සමූහයට එකතු වුවහොත් නැවත ඔහුට ඉන් බැහැර විය නොහැකි බවටත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එම අනතුරැ ඇඟවීමෙි බුද්ධි තොරතුරෙන් දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත් තාක්ෂණවේදීන් පෙන්වා දෙන්නේ වට්ස් ඇප් පරිශීලකයින්ට එම සමූහයන් (ගෘප්) වලින් ඕනෑම වෙලාවක ඉවත්විය හැකි වන බවත් එවැනි අවහිර කිරීමක් තාක්ෂණිකව සිදුවිය නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් පවත්වන ලෙසද එමගින් බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යෝජනා කර තිබේ.

මේ පුවත අද වෙබ් අඩවි කීපයක පල කර තිබුණු අතර එක් වෙබ් අඩවියක පල කර තිබුණේ මේ පිළිබඳ ඔවුන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ සහ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසුමකදී එම තොරතුර නිවැරදි තොරතුරක් බව තහවුරු වූ බවයි.

මෙම බුද්ධි තොරතුර පසුගිය 23 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකර ඇති අතර 24 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයට ලැබී ඇති බව සදහන්ය.

බස්නාහිර පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඩී තෙන්නකෝන් මහතාගේද අත්සන ඇතුලත්ව සහ බුද්ධි අංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අදාල ලිපිය තුළ තොරතුරු අන්තර්ගත වේ.

2017 සිට සංසරණය වන මෙම ව්‍යාජ පණිවුඩය පිළිබඳව පසුගියදා නැවත වතාවක් බුද්ධි තොරතුරක් ලෙස හුවමාරුවීමට බලපෑ දැනට සමාජ මාධ්‍යයේ හුවමාරුවන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය- බොරැල්ල නිකුත් කළ ලිපියත්, ඒ ලිපිය නිකුත් කිරීමට බලපෑ හේතුත්, අදාළ බුද්ධි ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට යොමු වූ පසු නැවත නිලධාරීන්ට යොමු කිරීමේ දී හෝ ඉන් පසුව සමාජ මාධ්‍යට නිකුත් වූයේ ද යන්නත් අභ්‍යන්තර පරීක්ෂණයක් ඔස්සේ සොයා බැලීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පොලිස් මූලස්ථානය අදාළ තොරතුර සම්බන්ධයෙන් අද (26) නිවේදනයක් නිකුත් කරනු ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සඳහාන් කර ඇත.

අදාළ ලිපිය පහතින් 👇

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles