ISIS සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ලාංකිකයන් දෙදෙනා බේරා ගැනේ..

0
314

අයි.එස්. සටන්කාමීන්ගේ ප්‍රහාරයට ලක් වූ ඩකා අවන්හලේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බේරා ගෙන තිබේ.

බංග්ලාදේශයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සේසත් තාඹුගල මහත්මිය පැවසුවේ, ඔවුන් දෙදෙනා මේ වන විට එරට හමුදා රෝහලකට ඇතුළත් කර ඇති බව ය.

8ත් 9ත් අතර සටන්කාමීන් කණ්ඩායමක් මෙම අවන්හලට පහර දී එහි සිටි පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබුවේ, අද අලුයම යි.

සටන්කාමීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී බංග්ලාදේශ ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තව ත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා බංග්ලාදේශ කමාන්ඩෝ භටයින් ක්‍රියාත්මක මෙහෙයුමෙන් ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු බේරා ගෙන ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here