අයි.එස්.අයි.එස් සංවිධානයේ නායක මිය යයි.

0
583

එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු මියගිය දිනය හෙළිකර නැතත් සටනක දී මියගිය බවට තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඇමරිකාව සඳහන් කර ඇත්තේ ඔක්තෝම්බර් මැද භාගයේ දී සිරියාවේ පැවති ගැටුම් අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයා ඝාතනය කළ බවයි.

මෙම වසරේ පෙබරවාරී මාසයේ දී අයි.එස්.අයි.එස් සංවිධානයේ හිටපු නායක අබු ඊබ්‍රහිම් මිය යාමෙන් පසු අබු හසන් අල් හෂිම් එම සංවිධානයේ නායකයා බවට පත්වුණා.

අයි.එස්.අයි.එස් සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය බවට එම සංවිධානය නිවේදනය කර තිබෙනවා.

එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු මියගිය දිනය හෙළිකර නැතත් සටනක දී මියගිය බවට තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඇමරිකාව සඳහන් කර ඇත්තේ ඔක්තෝම්බර් මැද භාගයේ දී සිරියාවේ පැවති ගැටුම් අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයා ඝාතනය කළ බවයි.

මෙම වසරේ පෙබරවාරී මාසයේ දී අයි.එස්.අයි.එස් සංවිධානයේ හිටපු නායක අබු ඊබ්‍රහිම් මිය යාමෙන් පසු අබු හසන් අල් හෂිම් එම සංවිධානයේ නායකයා බවට පත්වුණා.

උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සමන්ගන් පළාතේ අයබක් නගරයේ මෙම පිපිරුම සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඝාතනයට ලක්වූවන්ගෙන් බහුතරය ළමුන් බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here