ජම්මු සහ කාශ්මීරයේ ස්වයං රැකියා ලොකු පිම්මක් පනියි.

0
687
930003536

ඉන්දියාවේ ප්‍රාන්ත අතර ජම්මු සහ කාශ්මීරය ස්වයං රැකියා අවස්ථා අතින් ඉදිරියෙන් සිටින බවත් එහිදී ඉන්දීය අගමැතිවරයාගේ රැකියා උත්පාදන වැඩසටහන (PMEGP) යටතේ 2022 මූල්‍ය වර්ෂය තුළ රැකියා ලක්ෂ 1.73 ක් ජනිත කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව මෙම PMEGP යටතේ ලබාදෙන ස්වයංරැකියා අවස්ථාවලදී ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තය ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලට වඩා කැපී පෙනන ලෙස ඉදිරියෙන් සිටින බව ද සදහන් වේ.

මෙම යෝජනා ක්‍රමය ජාතික මට්ටමේ නෝඩල් නියෝජිතායතනය ලෙස ඛාදි සහ ගම් කර්මාන්ත කොමිෂන් සභාව (KVIC) විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

2021-22 වසර තුළ ඉන්දියාවේ නව නිෂ්පාදන සහ සේවා ඒකක ලක්ෂ 1.03ක් පිහිටුවීමෙන් සහ රැකියා ලක්ෂ 8.25කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමෙන් PMEGP වැඩසටහන ඉතිහාසයට එක් විය.

මේ අතර දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබූ ජම්මු සහ කාශ්මීරයේ සංවර්ධනය ඉන්දීය රජය විසින් වේගවත් කර ඇති බව ද එරට වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here