ඉන්දියා-එක්සත් අරාබි එමීර් රාජ්‍ය සබඳතා තරවෙයි.

0
387

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ඉන්දියා ගෝලීය සංසදයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතාව අගය කර තිබේ.

දෙරට අතර සබඳතා එහි ද්විපාර්ශ්වික හැකියාවන්ගෙන් සීමා නොවන බවත් අනාගතයේදී ගෝලීය මට්ටමින් එය දැනිය හැකි බවත් ඔහු එහිදී පැවසීය.

අමාත්‍යවරයා එහිදී රටවල් දෙක අතර සබඳතා තවදුරටත් අගය කළ අතර ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දිගු කලක් තිස්සේ එකිනෙකා හඳුනන රටවල් දෙකක් බවත්, වෙනස්වන ලෝකයක අද මෙම සබඳතාව භාවිතා කිරීමට අවශ්‍ය බවත් අමාත්‍ය ජයශංකර් අවධාරණය කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වර්තමානයේ ඉන්දියාවේ 3 වන විශාලතම වෙළඳ සහකරු වන අතර එය ඉන්දියාවේ 2 වන විශාලතම අපනයන වෙළඳපොළ ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here