ඉන්දීය විදේශ ඇමති පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා.

0
285

ඉන්දියා, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතර පළමු ත්‍රෛපාර්ශවීය සාකච්ඡා ඉකුත්දා සිදුවුණා.

ඒ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදීයි.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ඔස්ට්‍රේලියානු සහ ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරුන් අතර නාවික කටයුතු, ආර්ථිකය, තාක්ෂණය හා බලශක්ති යන ක්ෂ්‍රේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මීට අමතරව අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍ය ජෝස් මැනුවෙල් සහ ෆින්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය Pekka Haavisto ද හමුවී තිබේ.

එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ යුක්‍රේන අර්බුදය සහ ඉන්දු පැසිෆික් කලාපය තුළ වර්ධනය වී ඇති මතභේදාත්මක තත්ත්වයන් පිලිබදවයි.

ඊට අමතරව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් නිව්යෝර්ක් නුවරදී මොරොක්කෝවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ද හමුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here