ඉන්දියාව සහ රුසියාව අතර වෙළෙද එකගතා රැසක්

0
274

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නොවැම්බර් 7 සහ 8 යන දිනවල රුසියාවේ සාර්ථක සංචාරයක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ඔහු රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ නියෝජ්‍ය අගමැති සහ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය ඩෙනිස් මන්තුරොව් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

ලැව්රොව් සමඟ පැවති හමුවේදී ද්විපාර්ශ්වික ගැටළු සහ විවිධ කලාපීය හා ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බාග්චි පැවසීය.

ජයශංකර් සහ මන්තුරොව් විසින් දෙරට අතර වන වෙළෙද සබදතා තවදුරටත් පුලුල් කර ගැනීමට අදාළව සාකච්ඡා කළ බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here