කැනඩාවේ සිටින ඉන්දිය සිසුන් ගැන ඉන්දීය රජය රජය අවධානයෙන්.

0
385

වර්ධනය වෙමින් පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගත වන ලෙස සහ සුපරික්ෂාකාරීව සිටින්නැයි ඉන්දීය රජය කැනඩාවේ සිටින සිය රටවැසියන්ට දැනුම් දී ඇත.

එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ කැනඩාවේ සිටින ඉන්දීය සිසුන් හා එරට සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දීය සංචාරකයින්ටයි.

Khalistan ලෙසින් හැදින්වෙන ජනමතවිචාරණයක් පදනම් කර ගනිමින් ඉන්දියාව සහ කැනඩාව අතරින් මේවනවිට යම් මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ හමුවේයි ඉන්දීය රජය කැනඩාවේ සිටින සිය රටවැසියන්ට මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ.

ඒ අනුව කැනඩාවෙන් වාර්තා වන වෛරී අපරාධ, නිකායික ප්‍රචණ්ඩත්වය සහ ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් ඉහල ගොස් ඇතැයි ඉන්දීය රජය පෙන්වා දෙයි.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් යුක්තිය පසිදලීමට ද කැනේඩියානු බලධාරීන් අපොහොසත් වී ඇතැයි ඉන්දියාව චෝදනා කරයි.

එබැවින් කැනඩාවේ සිටින ඉන්දීය සිසුන්ගෙන් හා සංචාරය සදහා පැමිණ සිටින ඉන්දියානුවන්ට ඉන්දීය රජය දැනුම් දී ඇත්තේ ඔටාවා නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයේ හෝ ටොරොන්ටෝහි පිහිටි කොන්සල් ජනරාල් කාර්‍යාලයේ ලියාපදිංචි වන ලෙසයි.

ඒ හරහා කැනඩාවේ සිටින ඉන්දියානුවන් සමග පහසුවෙන් සම්බන්ධ විය හැකි බව ද ඉන්දීය රජය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here