Monday, September 23, 2024

Kia නීරෝ හයි­බ්‍රිඩ් දැන් ලංකාවේ

ඉන්ධන කාර්ය­ක්ෂ­ම­තාව අනුව ලෝක වාර්තා­ව­කට හිමි­කම් කියන පරි­සර හිත­කාමී 2020 Kia නීරෝ මෝටර් රථය Kia මෝටර්ස් (ලංකා) ලිමි­ටඩ් සමා­ගම විසින් මෙර­ටට හඳුන්වා දෙන් ලදි.

අශ්ව­බල 141 කින් යුක්ත, තත්පර 8.6 කින් පැය­කට කිලෝ මීටර් 0 සිට 96 ක් දක්වා ධාවන වේග­යක් ලබා­ගත හැකි, ගිනස් වාර්තා­වට අනුව ඔක්ටේන් 95 ඉන්ධන ලීට­ර­ය­කින් කිලෝ මීටර් 32.5 ක දුරක් ධාව­නය කළ හැකි, කිලෝ මීට­ර­ය­කට CO2 ග්රෑම් 88 ක් පම­ණක් මුදා හරින අති නවීන පරි­සර හිත­කාමී මධ්‍යම ප්‍රමා­ණයේ මෙම SUV රථය Kia සමා­ගම නිප­දවා ඇති පළමු හයි­බ්‍රිඩ් මෝටර් රථය වේ.

දැනට වෙළ­ඳ­පොළේ තිබෙන මයිල්ඩ් (mild) හයි­බ්‍රිඩ් කාණ්ඩයේ වාහ­න­යක් නොවන Kia නීරෝ රථය පූර්ණ (full) හයි­බ්‍රිඩ් වාහ­න­යක් වේ. මේ අනුව, මෙහි තිබෙන ලිති­යම්-අයන් පොලි­මර් බැටරි පැකේ­ජය සහ කිලෝ­වොට් 32 ක ඉලෙ­ක්ටි‍්‍රක් මෝට­රය වේග හයක ඩබල් ක්ලච් ගියර් බොක්ස් එක ආධා­ර­යෙන් රෝද වෙත බලය ලබා­දෙයි.

නීරෝ මෝටර් රථය මාධ්‍ය වෙත එළි­දැ­ක්වීමේ අව­ස්ථා­වට සම්බන්ධ වෙමින් Kia මෝටර්ස් (ලංකා) සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ, මහේන් තම්බ­යියා මහතා මෙසේ අද­හස් දැක්වීය. ‘මෙම මෝටර් රථය නිර්මා­ණය වුණේ ඉන්ධන කාර්ය­ක්ෂ­ම­තාව සමඟ SUV වාහ­න­යක තිබෙන ප්‍රයෝ­ජ­නය ඇති මධ්‍යම ප්‍රමා­ණයේ මෝටර් රථ­යක් නිර්මා­ණය කිරීමේ අව­ශ්‍ය­තාව ඉටු කර­න්නයි. මෙරට වෙළ­ඳ­පොළේ Kia සමා­ගමේ ඊළඟ අදි­යරේ වර්ධන කට­යු­තු­ව­ලට සම­ගා­මීව මෙම මෝටර් රථය හඳු­න්වා­දීම මෙහි දී කැපී පෙනෙ­නවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles