ලිතුවේනියාව රැකගන්න ඉදිරිපත්වන්නැයි ඉල්ලීමක්.

0
705

චීන බලපෑම්වලින් ලිතුවේනියාව රැක ගැනීම සදහා ඉදිරිපත් වන්නැයි බටහිර රටවල් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

විද්වතුන් ,දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් ඇමරිකාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ, චීනය විසින් ලිතුවේනියාවට එරෙහිව ආර්ථික සහ දේශපාලන බලපෑම් එල්ල කිරීම හේතුවෙනි.

කුඩා බෝල්ටික් රාජ්‍යයක් වන ලිතුවේනියාව පසුගියදා ඔවුන්ගේ අගනුවර වන විලිනියුස් හි දී තායිවාන නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමට ඉඩ ලබා දුන්නේය.

ඊට එරෙහිව, චීනය දිගින් දිගටම විරෝධය පළකළ අතර ලිතුවේනියාවට එරෙහිව සම්බාධක පැනවීමට ද ක්‍රියාකරමින් සිටියි.

මෙම තත්වය හමුවේ ලිතුවේනියාව ආරක්ෂා කර ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකාව සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා වටයක් ද පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here