Lockdown Alert!

0
428

තවත් ග්‍රාම නිලධාරීන් වසම් 11 ක් අද අලුයම හයේ සිට හුදකලා කෙරුණා. ඒ අනුව කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙණිය නැගෙනහිර, සූරියපාලුව දකුණ සහ උතුර, පහළ කරගහමුණ උතුර, ඉහළ කරගහමුණ උතුර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඊට අමතරව කළුතර, අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර සහ මතුගම පොලිස් බලප්‍රදේශයේ යටියන බටහිර, පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර සහ නිවුන්ගම යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන හයේ සිට හුදකලා කෙරුණා.

මේ අතර කළුතර, බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ ඉගුරුදළුව, පැලවත්ත නැගෙනහිර, මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත සහ පහල හෙවැස්ස යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here