Sunday, September 22, 2024

LPL ආකාරයේම පිළිගැනීමක් සහිත පාපන්දු තරඟාවලියක් ඉදිරියේදී

නිදහස් කුසලාන සිලෝන් පළාත් ලීග් පාපන්දු තරගාවලිය එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය හා සමාන මට්ටමකට ගෙන ඒම උදෙසා අවශ්‍ය පසුබිම ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. පවතින කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමණය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැංවීම උදෙසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් නිදහස් කුසලාන සිලෝන් පළාත් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වූ අතර, එය තව තවත් දියුණු මට්ටමකින් ඉදිරියට ගත යුතු බව ඇමැතිවරයාගේ අදහස වී තිබේ.

පළාත් මට්ටමින් ක්‍රියාත්මක මේ තරගාවලියෙන් ජාතික සංචිතය සඳහා ග්‍රාමීය ක්‍රීඩකයන් හඳුනාගත හැකි වන අතර, ඔවුන්ට ඉදිරියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමේ අවස්ථා හිමි වීම සතුටට කරුණක් බව ඇමැතිවරයා සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල මාලිගාපිටියේ නිදහස් කුසලාන සිලෝන් පළාත් ලීග් පාපන්දු තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිණි.

“කොළඹින් පිට වයඹ පළාතේ පිහිටා තිබෙන කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයෙන් තරගාවලිය ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳ සතුට පළ කරනවා. මේ අන්තර්ජාතික ක්‍රීඩාංගණය තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ හැකියාව හොඳින් පවතිනවා. මේ තරගාවලියෙන් තරුණ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් බිහි කර ගන්න හැකියාව ලැබෙයි. ලබන වසර වන විට මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ මංතීරු හයක සින්තටික් ධාවන පථයක් ඇති කරනවා. කොළඹින් පිට පළාත් කිහිපයකම මෙවැනි ධාවන පථ ඇති කිරීමට අමාත්‍යාංශය සැලසුම් සකසා අවසන්” ඇමැතිවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles