LPL ඇරඹේ!

0
286

දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගී වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද ආරම්භ වෙයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, ගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත. 

තරග 24කින් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර හෙට සිට අගෝස්තු 20 වනදා දක්වා පැවත්වීමට නියමිතව තිබේ.

මෙවර තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි යන කණ්ඩායම් 5 තරග වැදීමට නියමිතය.

මූලික වටයේ තරග 12ක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ මූලික වටයේ තරග 8ක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අවසන් වටයේ තරග තුන සහ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර ශූරයින්ට පිරිනැමෙන කුසලානය කොළඹ අවට ප්‍රදේශවලදී ඉකුත්දා ප්‍රදර්ශනය කෙරුණු අතර මෙවර ශූරයින්ට පිරිනැමෙන LPL කුසලානය ප්‍රතිචක්‍රීකරණය කළ ඇලුමිනියම් කෑන්වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ඒ, වෙරළ තීරවලින් සොයාගත් ඇලුමිනියම් කෑන් 2,523ක් යොදාගනිමිනි. 

මෙලෙස ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් මගින් ක්‍රිකට් කුසලානයක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය වෙයි.

විචිත්‍රාංග රැසකින් හැඩ වුණු LPL තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පස්වරු 5.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here