Friday, January 24, 2025

MCC ගිවිසුමට රජයේ හා ජනතා සහාය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඕනෑ – ඇමෙරිකාව

MCC ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කරගැනීම සඳහා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට පාර්ලිමේන්තුවේ අනුමතිය අවශ්‍ය බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇනෙකුත් සියලුම හවුල්කාර රටවල ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියට අනුකූලව, ප්‍රදාන ආධාර ගිවිසුම අත්සන් කළ පසු, ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇති බවයි.

එවිට ගිවිසුම සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් ලැබෙනු ඇති බවද තානාපති කාර්යාල ප්‍රකාශයේ දැක්වෙයි.

එම සමලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇති බවද තානාපති කාර්යාලය කියයි.

මෙම ප්‍රදාන ආධාර ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයන් මිලියන 11කට අධික පිරිසකට සෘජු ප්‍රතිලාභ ලැබෙන බවත්, ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇති බවද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles