Wednesday, January 15, 2025

ඉන්දියාව ඇෆ්ගනිස්තානයට බෙහෙත් දෙයි.

ඇෆ්ගනිස්තානය තුළ මේ වනවිට පවතින උග්‍ර ඖෂධ හිගයට පිළියමක් ලෙස අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් එහි යැවීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ දිල්ලි නුවර සි‍ට ගිය විශේෂ ගුවන් යානයක් මගින් ඇෆ්ගනිස්තානය වෙත රැගෙන ගිය අදාළ ඖෂධ තොගය කාබුල්හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් වෙත භාරදී ඇති බවයි.

මෙම ඖෂධ තොගය ප්‍රධාන වශයෙන්ම ඇෆ්ගනිස්තානයේ කාබුල් හි ඉන්දීය ආධාර මත ගොඩනගා ඇති ඉන්දිරා ගාන්ධි අනුස්මරණ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ භාවිතය සදහා යොදාගැනීමට නියමිත බව පැවසේ.

මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ දරුණු ඖෂධ සහ ආහාර හිගයක් පවතින අතර එරට ළමුන් මිලියනයක් පමණ මන්දපෝෂණයට ගොදුරැවීමේ අවදානමක් ද පවතින බවට ජාත්‍යන්තර සංවිධාන අනතුරැ අගවා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles