බලුකිස්තානයේ එකම පිළිකා රෝහලට ඖෂධ සැපයීම නතරවේ

0
282

බලුකිස්තානයේ හි කෙනාර් පිළිකා රෝහලට වෛද්‍ය සැපයුම පසුගිය මාස දෙක තුළ පාකිස්තාන පරිපාලනය විසින් නවතා දමා ඇති බව එරට බලුකිස්තාන පෝස්ට් වාර්තා කරයි.

පාකිස්තානයේ මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙලෙස බලුකිස්තානයේ එකම පිළිකා රෝහලේ වෛද්‍ය සැපයුම නතර කර ඇති බව වාර්තා සඳහන් කරයි.

මෙම රෝහලේ වෛද්‍ය සැපයුම බලුකිස්තාන දායාද අරමුදල (BEF) යටතේ ක්‍රියාත්මක විය.

රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන වෛද්‍ය ෆෙරෝස් ඛාන් අචක්සායි ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, පිළිකා රෝගීන් සියයකට වැඩි පිරිසක් රෝහලට පැමිණ ඖෂධ ​​නොලැබීමේ කලකිරීමෙන් නිවෙස්වලට යන බවයි.

මේ වන විට බෝලාන් වෛද්‍ය සංකීර්ණ රෝහලේ සහ කෙනාර් රෝහලේ පිළිකා රෝගීන් 2000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බවද ඔහු පෙන්වාදී ඇත.

මේ අතර, පාකිස්තානයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here