Monday, December 23, 2024

MillenniumIT ESP රිදී ජුබිලිය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පද්ධති සැලසුම් හා තාක්ෂණික සේවා සැපයුම් සමාගමක් වන Millennium I.T. E.S.P. පුද්ගලික සමාගම හෙවත් MillenniumIT ESP තම 25 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් පසුගියදා සමරන ලදි. වසර විසි පහක් මුළුල්ලේ විශිෂ්ට සේවා සැපයූ ගෝලීය වෙළෙඳපොළ තුළ තම සන්නාමය ප්‍රචලිත කළ හා සිය ගනුදෙනුකරුවන්ට අනාගතවාදී ව්‍යාපාර විසඳුම් රැසක් පිරිනැමූ කීර්තිමත් ඉතිහාසයක් හිමි MillenniumIT ESP සමාගම තම රිදී ජුබිලි සංවත්සරය සමරන්නේ ශක්තිමත් ව්‍යාපාර පදනමක් හෙබි දැවැන්තයකු ලෙසිනි. සියයට සියයක්ම දේශීය තොරතුරු තාක්ෂණ සමාගමක් වන MillenniumIT ESP, තවදුරටත් වර්තමාන හා අනාගත ව්‍යාපාරික අභියෝග විසඳීමට සහාය වන්නා වූ ජව සම්පන්න, නම්‍යශීලී හා අනාගතවාදී තාක්ෂණ විසඳුම් පිරිනැමීමට කැප වී සිටියි. ඒ හරහා නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය ව්‍යාපාර ක්‍ෂේත්‍රය තුළ සාර්ථක වීම සඳහා තම ගනුදෙනුකරුවන්ට දැවැන්ත ශක්තියක් වීමට මේ තොරතුරු තාක්ෂණ දැවැන්තයා සමත්ව සිටියි.

මෙහිදී අදහස් දක්වමින් MillenniumIT ESP හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ෂෙවාන් ගුණතිලක මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ බොහෝ නවෝත්පාදන හඳුන්වා දීමට මෙන්ම තිරසාර වර්ධනයකට ද මුල් වූ MillenniumIT ESP හි විසි පස් වැනි සංවත්සරය මහත් අභිමානයකින් යුතුව සමරන බවය. අප ආයතනයේ සාර්ථකත්වය සඳහා වූ පදනම වන්නේ කාර්ය මණ්ඩලය, ආචාර ධර්ම සහ ආයතන සංස්කෘතියයි. එය සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය මත ගොඩනැඟුණු ශක්තිමත් පදනමක් වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles