පාකිස්තානයේ සුළුතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සංකීර්ණ වේ

0
280
A Pakistani refugee, a member of the Ahmadiyya, an Islamic minority sect, cries as she leaves a detention centre with her family on a bus in Bangkok June 6, 2011. A group of 94 refugees and two asylum seekers from Pakistan, all members of the Ahmadiyya, were released on bail on Monday from detention in Bangkok as they await the results of resettlement applications, mainly to the U.S. Most of them have been held for more than six months in overcrowded immigration detention centres in Bangkok. Some Muslims deem the Ahmadi heretical and the Ahmadiyya community in Pakistan is often targeted in attacks by Islamic extremists. REUTERS/Damir Sagolj (THAILAND - Tags: SOCIETY POLITICS RELIGION) - GM1E766191K01

පාකිස්තානයේ බලහත්කාරයෙන් සිදුවන ආගම් පරිවර්තනය කිරීම් සහ විවාහයන් පිළිබඳ තත්ත්වය සුළු ජාතික කාන්තාවන් අවදානමට ලක් කර ඇති බවත් සුළුතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ප්‍රශ්නය විශේෂයෙන් පාකිස්තානය තුල සංකීර්ණ වී ඇති බවත් වාර්තා වේ.

පාකිස්තානය වැඩි වැඩියෙන් ගතානුගතික ඉස්ලාමීය දිශාවකට ගමන් කරන විට, හින්දු, ක්‍රිස්තියානි සහ අනෙකුත් ආගමික සුළුතරයන්ගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ තත්වය නරක අතට හැරෙමින් පවතින බව අයිතිවාසිකම් සහ ආරක්ෂාව සඳහා වන ජාත්‍යන්තර සංසදය (IFFRAS) සදහන් කරයි.

පාකිස්තානයේ හින්දු සහ ක්‍රිස්තියානි කණ්ඩායම් මුහුණ දෙන තත්වය පොදුවේ ගත් කල නරක අතට හැරී ඇති අතර බලධාරීන්ගේ, දේශපාලන කණ්ඩායම්වල, ආගමික පක්ෂවල, වැඩවසම් ව්‍යුහයේ සහ මුස්ලිම් බහුතරයේ වෙනස් කොට සැලකීමේ ආකල්පවලට වඩාත්ම ගොදුරු වන්නේ මෙම ප්‍රජාවන්ගේ කාන්තාවන් බවත් අදාළ වාර්තාවේ දැක්වේ.

ආගමික සුළුතර කාන්තාවන් සහ ගැහැණු ළමයින් පැහැරගෙන ගොස්, බලහත්කාරයෙන් ආගමික පරිවර්තනයන්ට ලක් කර, බලහත්කාරයෙන් විවාහ කර, අපයෝජනයට ලක් කරන අතර, නීතිමය මාර්ග භාවිතා කරමින් මෙම අපරාධවලට අභියෝග කිරීමට ඔවුන්ගේ පවුල්වල උත්සාහයන් අසාර්ථක වන බව IFFRAS අනාවරණය කර තිබේ.

2021 වසරේ මුල් භාගයේදී පන්ජාබ් පළාතේ කාන්තාවන් 6,754කට ආසන්න පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව නවතම වාර්තාවකින් ප‍්‍රකාශ කර ඇති හෙයින් පාකිස්තානයේ කාන්තාවන්ගේ දුක්ඛිත තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බව ද එහි දැක්වේ.

එයින් කාන්තාවන් 1890ක් දූෂණයට ලක්වී ඇති අතර 3721ක් වධහිංසාවට ලක්වූ අතර ළමුන් 752ක් දූෂණයට ලක් වූ බව දුනියා නිවුස් වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here