Mission Impossible නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ටොම් කෘෘස්ගේ BMW මෝටර් රිය හොරකම් කරලා!

0
535

Mission Impossible කියලා සාමාන්‍ය යෙන් කියන්නේ කිසිසේත්ම කරන්න බැරි කියන අර්ථයට.මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව ලොව පුරා ඉතාම ජනප්‍රිය වුණා. මේ දිනවල එංගලන්තයේ බර්මින්හැම්වල එම චිත්‍රපට මාලාවේ 7 වැනි චිත්‍රපටය රූගත සිදු කෙරුණා. එහි කවදත් ප්‍රධාන නළුවා- සටන් ශූර කඩවසම් ටොම් කෘෘස්.

කිසිසේත්ම කරන්න බැරි කිව්වට මොකෝ, මේ චිත්‍රපටයෙ රූගත කිරීම් අතරතුරදී ටොම් කෘෘස්ගෙ BMW කාර් එක හොරකම් කරලා!

වාහනය ඇතුළෙ පවුම් දහස් ගණනක භාණ්ඩත් මේ අවස්ථාවේදී තිබිල තියෙනවා.

හොරකම් කළ BMW X7 වර්ගයේ ටොම් කෘෘස්ගෙ මෝටර් රථය, ඔහුගෙ හෝටලයට නුදුරු පාරක අතඇරල තිබිල පසුව හම්බ වුණා. CCTV දර්ශනවලින් පොලිසිය මෝටර් රථය හොරකම් කළ කෙනා ගැන තවම හොයනවා.

මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවෙ ටොම් කෘෘස් රඟපාන්නෙ රහස් පරීක්ෂකයෙකුගෙ චරිතයක්. 2022 වසරේ එළිදකින්නට නියමිත මේ හත්වැනි චිත්‍රපටය ඉතිහාසයේ ලොකුම සටන් ජවනිකා සහිත චිත්‍රපටය වේවි කියා දැනටමත් විචාරකයන් කියා තිබෙනවා.

නමුත් ඔහු ඒ චරිතය කරන අතරවාරයෙ හැබෑ ජීවිතයෙ ඇත්තම හොරෙක් ඇවිත් ඔහුගෙ මෝටර් රථයම හොරකම් කරගෙන ගිහින්. ඒ නිසා අන්තිමට මිෂන් පොසිබල්!

ඉසුරිනී මල්ලවආරච්චි​ https://outboundtoday.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here