ජංගම දුරකතන වලට අපමණ අගයක්..

0
520

ජංගම දුරකථන සහ උපාංග වල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යාවි දැයි කිව නොහැකි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ද සමස්ත ලංකා කොමිනියුකේෂන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පවසන්නේ, ජංගම දුරකථන හා උපාංග ආනයන සීමා කිරීමෙන් පසු ඒවායේ මිල අධික ලෙස ඉහළ යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

එහි වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය.

ඇති වන තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here