මුස්ලිම් ලෝක ලීගයේ මහලේකම් සහ අගමැති මෝදි අතර හමුවක්

0
330

ඉන්දියාවේ සංචාරයක නිරත මුස්ලිම් ලෝක ලීගයේ මහලේකම් මොහොමඩ් බින් අබ්දුල්කරීම් අල්-ඉසා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී එහි ජාතික ව්‍යවස්ථා රාමුව තුළ ඉන්දියානු විවිධත්වය ඇතුළු පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කළේය.

සෞදි අරාබිය පදනම් කරගත් සහ ලොව පුරා මුස්ලිම්වරුන් නියෝජනය කරන සංවිධානයක් වන මුස්ලිම් ලෝක ලීගයේ (MWL) වත්මන් මහ ලේකම්වරයා ඉන්දියාවේ දින පහක සංචාරයක නිරත වේ.

සෞදි අරාබියේ හිටපු අධිකරණ අමාත්‍යවරයා ද වන ඔහු කුස්රෝ පදනම විසින් සංවිධානය කරන ලද දිල්ලි අගනුවර ඉන්දීය ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී දේශනයක් පවත්වමින් කියා සිටියේ විවිධත්වයෙන් යුත් ඉන්දියාව “සහජීවනය සඳහා විශිෂ්ට ආදර්ශයක්” බවත් ලෝකයට සාමයේ පණිවිඩය දිය හැකි රට බවත්ය.

” ඉන්දියානු සමාජයේ මුස්ලිම් ප්‍රජාව, ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ආඩම්බර වන බව මම දනිමි. සහ ඔවුන්ගේ ජාතිය ගැන ආඩම්බර වන අතර ඔවුන් ඉන්දියානු සමාජයේ සෙසු කොටස් සමඟ බෙදා ගන්නා සහෝදරත්වය ගැන ආඩම්බර වෙති, ”අල්-ඉසා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here