Sunday, September 22, 2024

NDB තම 100 වැනි ශාඛාව හිගුරක්ගොඩට


NDB තම ගමන් මගෙහි වැදගත් මංසලකුණක්‌ සනිටුහන් කරමින් තම ශීඝ්‍ර ශාඛා ජාල ව්‍යාප්තිකරණ ක්‍රමෝපායෙහි එක්‌ පියවරක්‌ ලෙස හි`ගුරක්‌ගොඩ නගරයේදී තම 100 වැනි ශාඛාව විවෘත කරමින් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ජන ජීවිත සංවර්ධනයට උර දී තිබේ. NDB ප්‍රධාන විධායක නිලධාරි රාඡේන්ද්‍ර ත්‍යාගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් හි`ගුරක්‌ගොඩ ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර NDB නායකත්ව කණ්‌ඩායම සහ NDB ශාඛා සියයේම කළමනාකරුවන්ද මේ අවස්‌ථාවට සහභාගි වූහ.

හි`ගුරක්‌ගොඩ යනු කීර්තිමත් ඓතිහාසික උරුමයක්‌ සහිත නගරයකි. හි`ගුරක්‌ගොඩ ප්‍රදේශයෙහි සාරවත් පසෙහි වැවෙන වී දැයේ ආර්ථික ප්‍රගතියට උරදෙන ප්‍රධානතම බෝගයකි. මින්නේරිය, ගිරිතලේ සහ කවුඩුල්ල ආදී වැව් මගින් පෝෂණය ලබන වාරි පද්ධතිය ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු ස`දහා ලබා දෙන්නේ සුවිශාල දායකත්වයකි. සංස්‌කෘතික උරුමයෙන් පොහොසත් ස්‌වභාවික සෞන්දර්යයෙන් අනූන හි`ගුරක්‌ගොඩ ප්‍රදේශවාසීන්ට බොහෝ ව්‍යවසායකත්ව අවස්‌ථා නිර්මාණයවී තිබේ. එපමණක්‌ නොව රට පුරාම ජනයාගේ ආකර්ෂණය දිනාගත් ඓතිහාසික නැරඹුම් ස්‌ථාන රැසක්‌ හි`ගුරක්‌ගොඩ අවට පිහිටා තිබේ.

NDB ගමන් මගෙහි මෙම වැදගත් අවස්‌ථාව සනිටුහන් කරමින් ප්‍රදේශයෙහි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති මාලාවක්‌ ක්‍රියාවට නැංවීය. එහි එක්‌ අවස්‌ථාවක්‌ ලෙස සෑම ශාඛාවකම කළමනාකරුවන් සහ ප්‍රාදේශීය කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් හි`ගුරක්‌ගොඩ – පොලොන්නරුව මාර්ගයේ හතමුනේ හංදිය ප්‍රදේශයෙහි සහ හි`ගුරක්‌ගොඩ විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයේ පැළ 100 ක්‌ සිටුවීමේ රුක්‌ රෝපණ ව්‍යාපෘතියක්‌ සිදුකරන ලදී. ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් වෙනුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක වැඩමුළුවක්‌ සංවිධානය කරන ලද අතර එහිදී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ලීසිං පහසුකම් පිළිබ`ද බැංකුව සතු ඉහළ දැනුවත්භාවය බෙදා දෙන ලදී. ප්‍රදේශයෙහි ප්‍රාථමික පාසල් සිසුන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම ස`දහා NDB ශිල්ප පැය වැඩසටහන පවත්වන ලදී. උතුරු මැද පළාතට දැඩිව බලපා තිබෙන වකුගඩු රෝගය නිවාරණය ස`දහා දායකත්වය ලබා දීමට NDB තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ඉදිරියේදී සායන මාලාවක්‌ පැවැත්වීමට සැලසුම් කර තිබේ. එපමණක්‌ නොව හි`ගුරක්‌ගොඩ විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයේ පුස්‌තකාලයට පොත් පරිත්‍යාග කිරීමද සිදු කරන ලද අතර ඉදිරියේදී එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ස`දහා අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබා දීමට කටයුතු කරන බව NDB ප්‍රධාන විධායක නිලධාරි රාෙ-න්ද්‍ර ත්‍යාගරාජා මහතා පැවසීය. බැංකු ක්‌ෂේත්‍රයේ වෘත්තීය අවස්‌ථාවන් තාරුණ්‍යයට විවරකර දීම ස`දහා NDB මානව සම්පත් අංශය විසින් අනුරාධපුරයේදී 2016 ජූනි 11 වැනි දින රැකියා ස`දහා බ`දවාගැනීමේ විශේෂ වැඩසටහනක්‌ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එසේම නව ශාඛා පරිශ්‍රයේදී ගනුදෙනු කරුවන් 100 දෙනෙකු ස`දහා ක්‌ෂුද්‍ර මුල්‍ය ණය පහසුකම් ලබා දීමද සිදු විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles