NGO ලියාපදිංචිය ලේසි කරයි!

0
423

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්යක්ෂම කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසයි.

එම ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ  දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය ලිහිල් කිරීම සඳහා චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බවයි.

මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය මගින් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කල් ගතවන සහ වියදම් අධික ක්‍රමවේදයක් බවට පත්ව තිබූ අතර රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ  නව චක්‍රලේඛනය මගින් එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම වෙනස් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here