NMRA දත්ත මකා දැමීමට සැක සහකාර ඉංජිනේරුවරයාට ඇප ලැබෙි

0
318

ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබෙි.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, අදාළ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින බවය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විමර්ශනවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කර ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here