NMRA දත්ත මැකි යාම ගැන කාර්යක්ෂම පරීක්ෂණ පවත්වන්නැයි ජනපතිට ඉල්ලීමක්

0
308

කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීම සදහා නිසි පරික්ෂණ සැළැස්මක් නොමැතිවීම හමුවේ ඇතැම් රෝහල් අද වනවිට ආසාදිතයින් තවාන් දැමීම වැනි තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය පාලනය වරද්දා ගත්තේ ආසාදිතයින් හදුනාගැනීමේ පරික්ෂණ සිදුකිරීම අකර්මණ්‍යය කිරීම නිසා බවයි.

මහජනතාවට නිසි උපදෙස් ලබාදීමට අපොහොසත්වීම හමුවේ අදවනවිට ජනතාව විවිධ වර්ගයේ ඖෂධ භාවිත කරමින් ප්‍රතිශක්තියට පවා හානිකරගැනීමේ තත්වයකට පත්ව ඇතැයිද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාමේ සිද්ධිය පිළිබදවද රවී කුමුදේශ් මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට වඩා කාර්යක්ෂම පරික්ෂණයක් වහා සිදුකරන ලෙසයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here