Tuesday, September 24, 2024

NMRA දත්ත වංචාව: කමිටු වාර්තාව ලීක් කළේ GMOA එකද ?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් විශේෂ කමිටුවක් පත් කළේය. ඒ හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මෙම කමිටුව විසින් අතුරු වාර්තාවක් සකස් කර ඇති අතර අදාල වාර්තාව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර එය මාධ්‍ය වෙත නිරාවරණය වී තිබිණි. කමිටු වාර්තාවේ නිර්දේශ සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් මගින් හෙලිදරව් කර තිබේ.
මේ සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතා ඇඟිල්ල දිගුකර තිබෙන්නේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෙතයි.
කෙසේ නමුත් අපවෙත වාර්තා වන්නේ අදාල වාර්තාව මාධ්‍යයට හෙලිදරව් කර තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පත්කළ කමිටුවේ සාමාජිකයෙකු විසින්ම බවයි. එම සාමාජිකයා, ආණ්ඩුවේ ප්‍රධානීන්ට සමීප පුවත්පතක සේවය කරන සිය සොහොයුරා වෙත කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු ලබා දී තිබෙනවා.
ඔහු එම කරුණු සිය පුවත්පතෙන් හෙලිදරව් නොකර වෙනත් පුවත්පතක් වෙත ලබා දී තිබෙනවා. ඊට හේතුව තම පුවත්පත හරහා එම අනාවරණය සිදු කළේ නම් කමිටු වාර්තාව එළියට පැමිණියේ සිය සහෝදරයා හරහා බව හෙලිදරව් වන නිසාය.
අදාල පංච පුද්ගල කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබෙන්නේ දැනට සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතට පත් කරන ලෙසයි.-Lankanewsweb

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles