Saturday, January 11, 2025

NMRA බෙදාගන්න කෙහෙළිය සහ චන්න ඇවිළෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සම්බන්දයෙන් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අතර ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු අමාත්‍ය චන්න ජයසුමන විසින් හසුරවනු ලබන අතර කෙහෙළිය රඹුක්වැල්ල පවසනුයේ එය පාලනය කිරීමේ අයිතිය තමන්ට හිමි බවයි. මේ පිලිබඳ කෙහෙළිය විසින් අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීගෙන්ද විමසා ඇති අතර ඔහුද පවසා ඇත්තේ කැබිනට් අමාත්‍යවරයා ලෙස එහි වගකීම ඇත්තේ කෙහෙලියට බවයි.

එමෙන්ම චන්න ජයසුමන විසින් ජාතික ඖෂධ නියාම අධිකාරිය සම්බන්දයෙන් පරීක්ෂණ්‍යක් පවත්වන ලෙසට දැනුම්දී තිබු අතර එහි වාර්තාව තමාට වාසිදායක වන ලෙසට ඔහු විසින් සකස් කරගෙන ඇති බවටද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම ගැටුම හේතුවෙන් මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන වෛද්‍ය රසිත විජේවන්ත ඉල්ලා අස්වීමටද තීරණය කර ඇතැයි ද සඳහන් වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles