අද රෑ 12 සිට බස් නෑ…

0
588

ප්‍රමාණවත් පරිදි ඩීසල් නොමැති වීම සහ තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (05) මධ්‍යම රාත්‍රී 12 සිට බස් ධාවනය සිදු නොකරන බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

බොහෝ විට එළඹෙන 12වෙනිදා තෙක් බස් ධාවනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවද ගැමුණු විජේරත්න පවසනවා. ඔහු පවසන ආකාරයට ඊට හේතුව වන්නේ ඩීසල් නෞකාවක් මෙතෙක් මෙරටට නොපැමිණීමයි.

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට සිකුරාදා (6) මධ්‍යම රාත්‍රිය දක්වා දීප ව්‍යාප්ත බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here