වැටුප් ඉල්ලා ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය සේවක⁣යෝ මහපාරට.

0
621

මාස ගණනාවක් තිස්සේ තමන්ට වැටුප් නොලැබීමට විරෝධය පළකරමින් ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය සේවකයන් සිය ගණනක් විරෝධතා ආරම්භ කර තිබේ.

එරට වාර්තා සදහන් කළේ,වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්, වෙනත් ක්ෂේත්‍ර ගණනාවක සේවකයන් මෙම විරෝධතාවලට සම්බන්ධ වී සිටින බවයි.

ඔවුන් කාබුල් නගරයේ ස්ථාන ගණනාවක දී පසුගිය දිනවල විරෝධතාවල නිරතව සිටි බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

තලේබාන් සංවිධානය පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්තානයේ බලය තහවුරැ කර ගැනීමෙන් පසු රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

ඊට පෙර පැවති අශ්රෝෆ් ඝානි පාලනය යටතේද ඇතැම් සේවකයන්ට නිසි පරිදි වැටුප් ලැබී නැතැයි පැවසේ.

මේ හේතුවෙන් විරෝධතාවලට සම්බන්ධ වී සිටින අය අතර මාස හත, අට වැනි දිගු කාලසීමාවන් තුළ වැටුප් නොලැබූ අය සිටින බවද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here