Sunday, September 22, 2024

Nor Fish Nor 2016 ට ශ්‍රී ලංකාවෙන් පිරිසක්

නෝර්වේ රාජ්‍යයේ, ට්‍රොන්ඩයිම් නගරයේදී අගෝස්තු මස 15 සිට 18 දක්වා පැවැත්වෙන ‘Nor Fish Nor 2016’ ජාත්‍යන්තර ධීවර ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය නියෝජිත පිරිසක් සහභාගී වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම වාර්ෂික ධීවර ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීම මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනයට යුරෝපා සංගමය අයත් රටවල් මෙන්ම වෙනත් සංවර්ධිත හා මැදි ආදායම් ලබන රටවල් රැසක් සහභාගී වන බවත්, ඒ නිසා ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල්වල වෙළෙඳ පොළ දිනාගැනීමට මෙම ජාත්‍යන්තර ධීවර ප්‍රදර්ශනය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles