NRFC ගිණුම් ගැන පළවන වාර්තා අසත්‍ය බව මහ බැංකු අධිපති බව මහ බැංකු අධිපති දැනුම් දෙයි

0
305

අනේවාසික විදේශ මුදල් ගිණුම් රුපියල් බවට පත්කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් පැතිර ගොස් තිබූ බවය.

කෙසේවෙතත් නීතිවිරෝධි ලෙස විදේශ මුදල් බෙදාහැරීම හෝ ලබාගැනීම සිදුකරන ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් නිවේදනය කළේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය කරගැනීම සඳහා ද ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here