ගල් අඟුරු මත පදනම් වූ තාප බලාගාරවලින් සමාන විදුලිය නිපදවීමෙන් ජනනය වන විමෝචනයට සාපේක්ෂව ඉන්දියාව න්‍යෂ්ටික බලශක්තිය හේතුවෙන් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් මිලියන 41 කින් අඩු කරන බව විෂයභාර අමාත්‍ය ජිතේන්ද්‍ර සිං ප්‍රකාශ කරයි.
ඇමතිවරයා ලෝක් සභාවට දන්වා සිටි ආකාරයට මේ වනවිට ඉන්දියාවේ න්‍යෂ්ටික බලයෙන් නිෂ්පාදනය කරනුයේ සමස්ත විදුලි ජනනයෙන් සියයට තුනක කොටසක් පමණකි.
2032 වන විට න්‍යෂ්ටික බලයෙන් නිෂ්පාදනය කරන විදුලිය ධාරිතාව තුන් ගුණයකින් ඉහළ නැංවීම ඉන්දියාවේ ඉලක්කය වී තිබේ.
ඒ අනුව න්‍යෂ්ටික බලශක්ති ධාරිතාව 2031 වන විට මෙගාවොට් 6,780 සිට 22,480 දක්වා වැඩි කිරීමට නියමිතව ඇත.
ඉදිරි වසර තුන තුළ කක්‍රපාර් හා රාජස්ථාන් පරමාණුක බලාගාර ව්‍යාපෘතිවල මෙගාවොට් 700 බැගින් ඒකක දෙකක්, කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියේ මෙගාවොට් 1,000 බලාගාර දෙකක් සමගින් මෙගාවොට් 5300ක් ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර තිබේ.