Omicron ප්‍රභේදය ගැන නවතම ආරංචිය මෙන්න

0
350

Omicron පෙර Covid ප්‍රභේදවලට වඩා දරුණු රෝගි තත්වයන් ඇති කරන බවට කිසිදු ඇඟවීමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හසිදි අවස්ථා අධ්‍යක්ෂ මයිකල් රයන් ප්‍රකාශ කර තිබේ.

ඔමික්‍රොන් නව කොරෝනා වෛරස ප්‍රභේදයට ප්‍රතිචාර දැක්වීම සඳහා බූස්ටර් එන්නත ප්‍රමාණවත් නොවන බවට, පැතිර යන මතවාදවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය සදහන් කළේය.

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාවක් ලබා දීමට කොවිඩ් වයිරසය සඳහා මේ වනවිට නිප‌දවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලට හැකියාවක් ඇති බවයි ඔහු පවසන්නේ

මෙතෙක් නිපදවා ඇති කොවිඩ් මර්දන එන්නත් ඔමික්‍රෝන් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව කළ පර්යේෂණයකින් පසු ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සියලුම ප්‍රභේදවලට එරෙහිව ඵලදායී බව ඔප්පු කර ඇති ඉතා ඵලදායී එන්නත් අප සතුව තිබෙන බවත් එය එසේ නොවනු ඇතැයි අපේක්ෂා කිරීමට හේතුවක් නැති බවත් ඔහු AFP පුවත් ඒජන්සියට ප්‍රකාශකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here