Sunday, January 12, 2025

Omicron ප්‍රභේදය සඳහා වෙනම බුස්ටර් එන්නතක් අවශ්‍ය නොවේවි – ධවල මන්දිරයේ Covid – 19 උපදේශක කියයි

COVID-19 වෛරසයේ අලුත්ම Omicron ප්‍රභේදය ඉලක්ක කරගත් බූස්ටර් එන්නතක් අවශ්‍ය නොවනු ඇතැයි එක්සත් ජනපද ධවල මන්දිරයේ COVID-19 වෛරසය පිළිබද උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

කෙසේ වෙතත් අද වනවිට ලොව ඖෂධ නිෂ්පාදන සමාගම් මේ සම්බන්ධයෙන් එන්නතක් සොයාගැනීමේ කටයුතුවල නිරත වන බවත් ඔහු සදහන් කරයි. “මම හිතන් නෑ අපිට මේ Omicron ප්‍රත්වයෙන් ආරක්ෂා වීම සඳහාම වීශේෂිත වූ බූස්ටර් එන්නතක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේවි කියලා.

මොකද අපි බැලුවොත් මේ ලබාදෙන ඕනෑම එන්තත් මාත්‍රාවක තිබෙන ප්‍රතිශක්තිකරණය ඔබට බලපාන ආකාරය අනුව තමයි, එම එන්නත්වල ප්‍රතිශක්තිකරණ මට්ටම තීරණය වෙන්නේ.” යනුවෙන් ෆවුසි මෙහිදී පවසා තිබේ.කෙසේ වෙතත් මෙම ප්‍රභේදය දැනට ඉදිරිපත්ව පවතින එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් සාර්ථක නොවනු ඇති බවට විවිධ විශේෂඥයන් දක්වන අදහසද බැහැර නොකරන බව වෛද්‍ය ෆවුසි සදහන් කරයි. එහිදී Pfizer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන ආකාරයට මෙම නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාවීමට බොහෝදුරට සිවුවැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පවතිනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි. “මේ Omicron ගැන කතා කරද්දී අපිට තවදුරටත් බලා සිටින්න වෙනවා. මොකද අපිට තවමත් ඉතාමත් අඩු තොරතුරු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට සිවුවැති මාත්‍රාවක් වේගයෙන්ම ලබාගැනීමට අවශ්‍ය වේවි. ඒ වගේම තමයි, මේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් මේ නව ප්‍රභේද සඳහා විශේෂිත වූ එන්නත් නිපදවීම්වලද නිරත වනවා.” යැයි පවසා තිබේ. ම

මෙිඅතර දැනට Omicron ප්‍රභේදය ආසාදනය වී තිබෙන රෝගීන් අතර ඉතාමත් මෘදු මට්ටමේ රෝග ලක්ෂණ දැකගත හැකිවන බවට වෛදයවරුන් වාර්තා කර තිබේ. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සදහනට අනුවද මේ දක්වා එම ප්‍රත්වය ආසාදනය වූ අයෙකු මරණයට පත්වීමක් පිළිබඳව සඳහන් වී නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles