ඇෆ්ගනිස්තානයේ මාධ්‍යවේදීන් 2735 කට රැකියා අහිමි වෙයි.

0
714

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරැව ගතවූ කාලසීමාවේදී එරට මාධ්‍යවේදීන් 2735 දෙනෙකුට පමණ රැකියා අහිමිව ඇති බව වාර්තා වේ.

අයිඑෆ්ජේ හෙවත් අන්තර් ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සදහන් කරන්නේ තලේබාන් පාලනයට පෙර එරට තුළ මාධ්‍ය රැකියාවේ නිරත වූ 5069 ක පමණ පිරිසක් සිටියත් මේ වනවිට එය 2334 ක් දක්වා අඩුවී ඇති බවයි.

එරට මාධ්‍යවේදිනියන්ගෙන් සියයට 70 කට පමණ රැකියා අහිමි වී ඇති බවත් මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ සේවය කරන්නේ මාධ්‍යවේදිනියන් 234 ක් පමණක් බවත් සඳහන් වේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරැ කර ගැනීමෙන් අනතුරැව ගතවූ කාලසීමාවේදී එරට මාධ්‍ය ආයතන 318 ක් පමණ වැසී ගොස් ඇති බව ද අයිඑෆ්ජේ හෙවත් අන්තර් ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here