මධ්‍යම ආසියාව අනතුරේ.

0
650

මධ්‍යම ආසියානු රටවල් බරපතල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අනතුරකට මුහුණ දී සිටින බව තජිකිස්තාන ජනාධිපති එමෝමාලී රහෝමාන් පවසයි.

කුමන මොහොතක හෝ මධ්‍යම ආසියානු රටවල ස්වාධීන ජනකොටස් වෙත ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් ඇඝ්ගනිස්තානයේ උතුරු මායිමේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් ඒකරාශි වී සිටීම මෙම ප්‍රකාශයට හේතුවයි.

තජිකිස්තාන ජනාධිපති එමෝමාලී රහෝමාන්ට අනුව ඇඝ්ගනිස්තානයේ උතුරැ දේශසීමාවේ කදවුරු 40 ක පමණ අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් 6000 ක් පමණ ඒකරාශිව සිටිති.

ලොව පුරා තවත් රටවල් ගණනාවක ආරක්ෂක විශ්ලේෂකයන් රැසක් මේ සම්බන්ධයෙන් මීට පෙර ද අනතුරු අගවා තිබූ අතර පසුගියදා කසකස්තානයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට පවා මොවුන්ගේ සම්බන්ධයක් ඇති බවට අනතුරු අගවා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here