මූල්‍ය අර්බුදය මැද පාකිස්ථානයට ඩොලර් බිලියන 18ක දඩයක් ?

0
334
A masked protester sits next to a flag of Pakistan during an anti-Indian protest in Srinagar, November 25, 2016. REUTERS/Danish Ismail

ඉරාන-පකිස්තාන ගෑස් නල මාර්ග ගිවිසුම අත්හිටුවන්නේ නම් ඩොලර් බිලියන 18 ක දඩයක් ගෙවීමට පාකිස්තානයට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය පසුගියදා රාජ්‍ය ගිණුම් කමිටුවට (PAC) දැනුම් දුන්නේය.

“2024 පෙබරවාරි-මාර්තු වන විට පාකිස්ථානය ගෑස් නල මාර්ග ව්‍යාපෘතියේ කොටසක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් ඉරානයට, පාකිස්තානය වෙත ඩොලර් බිලියන 18 ක දැවැන්ත දඩයක් නියම කළ හැකිය,” අමාත්‍යාංශයේ නිලධාරියා කමිටුවට පැවසීය.

අමාත්‍යාංශ නිලධාරියා පැවසුවේ IP ගෑස් නල ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපදයෙන් ද අවසර ඉල්ලා ඇති බවයි. “විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලිඛිත ඉල්ලීමක් යවනවා,” අප ගෑස් නළය නොදැමුවහොත් ඉරානය තවත් දඩයක් පනවන බව ඔහු පැවසීය.

පවතින තොරතුරු වලට අනුව, ඉරානය දැනටමත් තම භූමියේ නල මාර්ගයේ කොටසක් ගෑස් නිධියේ සිට පාකිස්තාන දේශසීමාව දක්වා අවසන් කර ඇති අතර එහිදී එය පකිස්ථාන කොටසට සම්බන්ධ විය යුතුය.

2019 සැප්තැම්බර් මාසයේදී, පකිස්ථානයේ අන්තර් රාජ්‍ය ගෑස් පද්ධති (ISGS) සහ ජාතික ඉරාන ගෑස් සමාගම (NIGC) නල මාර්ගයේ ඉදිකිරීම් සඳහා මෙම ගිවිසුමකට අත්සන් තැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here