Tuesday, January 14, 2025

පකිස්තානයේ සටන්කාමීන්ගේ ප්‍රහාර දැඩිවෙයි.

ගෙවීගිය 2021 වර්ෂයේදී පකිස්තානය තුළ විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරවල කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති බව අනාවරණය වී ඇත.

පකිස්තානයේ ගැටුම් සහ ආරක්ෂාව පිළිබද අධ්‍යයන ආයතනය සිදුකළ පර්යේෂණයක දී අනාවරණය වී ඇත්තේ අගෝස්තු මාසයේ දී පමණක් රට තුළ සන්නද්ධ ප්‍රහාර 45 ක් සිදුව ඇති බවයි.

2020 වර්ෂයේ දී පකිස්තානය තුළ විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකළ ප්‍රහාර සංඛ්‍යාව සාමාන්‍යයෙන් මසකට 16 ක් පමණ වූ අතර 2021 වසරේ දී එම සංඛ්‍යාව මසකට 25 ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

2021 වර්ෂයේ දී වැඩිම ප්‍රහාර සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බලුකිස්තාන ප්‍රාන්තයෙන් වන අතර ඒ ප්‍රහාර 103 ක් වන අතර ඉන් පුද්ගලයන් 170 දෙනෙකු පමණ මියගොස් ඇති බව සදහන් වේ.

ඇෆ්ගනිස්තානයේ පාලනය ත‍ලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමත් සමග පකිස්තානය තුළ ද සන්නද්ධ කණ්ඩායම්වල හිස එසවීමක් නිරීක්ෂණය කළ හැකි බව එම පර්යේෂණය මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles