පාකිස්තානයට GSP නැති වෙයි ද?

0
267

රට තුළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඉහළ යාම හේතුවෙන් පකිස්ථානය සම්බන්ධයෙන් සිය වෙළඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කරන ලෙස මායිම් රහිත මානව හිමිකම් සංවිධානය යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබේ.

බ්‍රසල්ස් පදනම් කරගත් අයිතිවාසිකම් කණ්ඩායමක් වන එම සංවිධානය පැවැත්වූ සම්මන්ත්‍රණයකදී පාකිස්තානය තුළ කාන්තාවන්ට සහ තරුණ ගැහැණු ළමුනට එරෙහි අපයෝජනයන් ඇතුළු උත්සුකයන් ගණනාවක් ගෙනහැර දැක්වීය.

සංවිධානය එය විස්තර කළේ යුරෝපා සංගමය සහ පුලුල් ජාත්‍යන්තර ප්‍රජාව විසින් “හදිසි” පියවරක් ඉල්ලා සිටින “භයානක තත්වයක්” ලෙසය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ “විෂම කවයක්” පවතින බව සම්මන්ත්‍රණයේදී අදහස් ඉදිරිපත් විය.

2021 අප්‍රේල් මාසයේ දී, යුරෝපීය පාර්ලිමේන්තුව, පාකිස්තානයේ අතිශය විවාදාත්මක ‘අපහාස නීති’ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රට තුළ අඛණ්ඩව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හමුවේ, GSP+ තත්ත්වය සඳහා පකිස්ථානයේ සුදුසුකම් වහාම සමාලෝචනය කරන ලෙස යුරෝපීය කොමිසමෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here