දකුණු ආසියාවේ කාන්තාවන්ට නරකම රට පකිස්තානය බවට හෙළිදරව්වක්

0
579
Women supporters of the religious and political party Jamaat-e-Islami (JI) hold signs as they take part in an Aurat March, or Women's March, in Karachi, Pakistan March 8, 2020. REUTERS/Akhtar Soomro

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අනුව පාකිස්තානය ලොව දෙවන නරකම රට ලෙසත් දකුණු ආසියාවේ නරකම රට ලෙසත් ලෝක ආර්ථික සංසදයේ (WEF) වාර්තාවක් මගින් ශ්‍රේණිගත කර තිබෙනවා.

සංසදය විසින් පසුගියදා නිකුත් කරන ලද Global Gender Gap වාර්තාවට අනුව, රටවල් 146 ක සමීක්ෂණයකදී පාකිස්තානය 145 වන ස්ථානයට පත්ව ඇති බව සදහන්.

සංඛ්‍යාලේඛනවලට අනුව, පාකිස්තානයේ කාන්තාවන් මිලියන 107 ක් සිටින අතර වාර්තාවට අනුව එහි ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරතරය සියයට 56.4 ක්.

එමෙන්ම පකිස්තානයේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය සියයට 1.9 කින් පහත වැටී තිබෙනවා.

එම වාර්තාවට අනුව කාන්තාවන් සඳහා දකුණු ආසියානු කලාපයේ හොඳම රට බංග්ලාදේශයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here