පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට

0
543
Police officers stand guard inside a cordoned area after a blast in a market, in Lahore, Pakistan January 20, 2022. REUTERS/Mohsin Raza - RC203S9KLAHN

පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් දැකගත හැකි බව එරට වාර්තා සදහන් කරයි.

දින කිහිපයකට පෙර බලුකිස්තාන ප්‍රාන්තයේ කෙච් දිස්ත්‍රික්කයේ දී එල්ල වූ ප්‍රහාරයකින් පකිස්තාන හමුදාවේ සාමාජිකයෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මේ අතර පසුගිය සිකුරාදා ඩේරා බුග්ටි ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ මෙම ප්‍රහාර දෙකේම වගකීම කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බවයි.

ඉහළ යන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය සදහා ආරක්ෂක විධි විධාන තරකර ඇති බව ප්‍රාන්ත බලධාරීහු සදහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here