පෝලියෝ ප්‍රතිශක්තිකරණ කණ්ඩායමකට ප්‍රහාරයක්.!

0
318

පකිස්තානයේ කයිබර්පක්තුන්ක්වා පළාතේ දී පෝලියෝ ප්‍රතිශක්තිකරණ කණ්ඩායමක් වෙත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් ප්‍රතිශක්තිකරණ කණ්ඩායමට ආරක්ෂාව සපයමින් සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

ප්‍රතිශක්තිකරණ එන්නත් කණ්ඩායම විශේෂ ආරක්ෂාවක් යටතේ ‍ඩේරා ඉස්මයිල් කාන් දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදීමේ කටයුතුවල නිරතව සිටියදී යතුරැ පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ තරෙක් ඊ තලෙයිබාන් පකිස්තාන් හෙවත් පාකිස්තානයේ තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි.

පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ පෝලියෝ එන්නත් ලබාදීමේ කණ්ඩායම් ඉලක්ක කරගෙන මෙවැනි ප්‍රහාර එල්ල කිරීම සුලභව සිදුවන අතර එම රටවල් දෙකෙන් පෝලියෝ රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ද මෙම තත්වය බාධාවක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here