මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් දැලේ!

0
688

මත්ද්‍රව්‍ය විශාල තොගයක් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් සිටි පාකිස්ථාන ජාතිකයන් පිරිසක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේවෙතත් පොලිසියේ හා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් තමන්ගේ යාත්‍රාව වැටලීමට පැමිණෙන බව හඳුනාගත් මෙම පාකිස්තාන ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස එම යාත්‍රාවේ ප්‍රවාහනය කළ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුදට දමා ඇති පැවසෙනවා. මෙම මත්ද්‍රව්‍ය සාගරයට විසිකිරීමට අදාළ සාක්ෂි එම නිලධාරීන් විසින් රැස්කරගෙන ඇති අතර, යාත්‍රාවේ පැමිණි පාකිස්තාන ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව පැවැති චන්ද්‍රිකා තාක්ෂනය සහිත දුරකතනයත් සහ යාත්‍රාව ඔවුන්ගේ බාරයට ගෙන තිබෙනවා.

මඩකලපුව පොලිසියට ලද තොරතුරකට අනුව නාවික හමුදාවේ නිලධාරීන් 20කට වැඩි පිරිසක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු අනතර්ජාතික මුහුදට පිටව ගොස් ඇත්තේ පසුගිය 18 වැනිදාය. එම නිලධාරීන් පිරිස උපාය දූතයන් මාර්ගයෙන් අනතර්ජාතික මුහුදේ පැමිණෙමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධ වී පසුගිය 26 වැනිදා එම යාත්‍රාව සමීපයට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී පැමිණෙන්නේ මත්ද්‍රව්‍ය ගැණුම්කරුවන් නොව නාවික හමුදාවේ සහ ආරක්ෂක අංශවල නිලධාරීන් යැයි තහවුරු කරගැනීමෙන් පසු, මත්ද්‍රවය ජාවාරම්කරුවන් විසින් යාත්‍රාවේ තිබූ හෙරෙයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් සියය බැගින් වූ මත්ද්‍රව්‍ය පාර්සල් ගැඹුරු මුහුදට විසිකර ගිල්වා තිබෙන බව ආරක්ෂක අංශ පවසනවා. සැකකරුවන් අද (3 වැනිදා) විමර්ශන අංශ වෙත බාර දීමට නියමිත බව නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here